වට්ස් ඇප් සමූහයක ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගල ඝාතනයක්

සුරතල් සතුන්ගේ වට්ස්ඇප් සමූහයක් තුල ඇතිවූ ආරවුලක් මත කෝපයට පත් පුද්ගලයන් තිදෙනෙකු විසින් පුද්ගලයෙකු ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
මොවුන් තිදෙනා මෙම සුරතල් සතුන්ගේ වට්ස්ඇප් සමුහයෙන් ඉවත් කළ පුද්ගලයාව මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු ඉන්දීය පොලිසිය සැකකරුවන් තිදෙනා ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 23, 26 සහ 30 යන වයස් කාණ්ඩ වල පසුවන්නන් බව ද, ඔවුන් සමග දේශීයව නිෂ්පාදිත පිස්තෝලයක්, කාට්රිජ් දෙකක් හා ස්විෆ්ට් මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇති බව ද සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
206 Views
Comments