OCT
08
කර්ච් පාලමේ පිපිරීමක්, තිදෙනෙකු ජීවිතක්ෂයට

රුසියානු පාලනය යටතේ පවතින ක්‍රිමියාවේ පිහිටි කර්ච් පාලමේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාලම හරහා ධාවනය වෙමින් තිබූ ඉන්ධනය රැගත් ට්‍රක් රථයක් පුපුරා යාමෙන් මෙම පිපිරීම සිදුව ඇතැයි වාර්තා වේ.
පිපිරීම හේතුවෙන් පාලමට ඉහළින් පිහිටි දුම්රිය මාර්ගයේ තිබූ ඉන්ධන ගබඩා කළ දුම්රියකට ද ගින්න පැතිර ගොස් ඇතැයි තවදුරටත් වාර්තා වේ.
යුරෝපයේ දිගම පාලම ලෙස සැලකෙන කර්ච් පාලම රුසියාවේ සිට ක්‍රිමියාවට ගමන් කළ හැකි ප්‍රධාන ම මාර්ගයයි.
237 Views
Comments