ඇමරිකාවෙන් චීනයට රතු එළියක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

ඇමරිකාවෙන් චීනයට රතු එළියක්

ඇමරිකාවෙන් චීනයට රතු එළියක්

දකුණු චීන මුහුදේ කඩාකප්පල්කාරී සහ අනාරක්ෂිත ක්‍රියාකාරකම් සිදුකිරීම පිළිබඳව ඇමරිකාව විසින් චීනයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ ගමන් ගත් පිලිපීන නාවික යාත්‍රාවකට චීනය විසින් අවහිරතා සිදුකර ඇති බව පැවසෙන අතර, පිලිපීන ජනාධිපති ෆර්ඩිනන් මාකොස් ජූනියර් ඇමෙරිකාවේ නිල සංචාරයක් සඳහා සූදානම්ව සිටින අතරතුරදී මෙම සිදුවීම වාර්තා වී තිබේ.

 

පිලිපීන වෙරළ ආරක්ෂක බළකායට අයත් යාත්‍රාවකට චීනය මෙලෙස බලපෑම් සිදුකර ඇති අතර මීට පෙර ද එවැනි අවස්ථා කිහිපයක් වාර්තා වී තිබේ.

 

දකුණු චීන මුහුදේ ඇමරිකානු යුද බලය ඉහළ නැංවීම සඳහා යුද කඳවුරු ගොඩනැගීමට පිලිපීනය විසින් ඇමරිකාව වෙත දූපත් කිහිපයක් ලබාදීමට එකඟ වී ඇති අතර, චීනයේ මෙම එදිරිවාදිකම් වලට හේතුව එම තීරණය විය හැකි බැව් පැවසේ.

views

255 Views

Comments

arrow-up