යුරෝපයේ දිගම පාලමේ බෝම්බ පිපිරුමක්

ක්‍රිමියා අර්ධද්වීපයේ සිට රුසියාවේ ක්‍රස්නොදාර් පළාතට ප්‍රවිෂ්ඨ වීමට ඇති එකම පාලමේ ට්‍රක් රථ බෝම්බයක් පිපිරීමෙන් පසු නැවත වරක් පාලමේ කොටසක් ජනතාව වෙනුවෙන් විවෘත කර ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය.
පාලමේ දිග කිලෝ මීටර 19 ක් වන අතර මෙම පාලම යුරෝපයේ දිගම පාලම ලෙසද සැලකේ.
රුසියානු වේලාවෙන් සෙනසුරාදා උදෑසන 6 ට පමණ ලොරි රථයක් පාලම උඩදී පිපිරී ගොස් ඉන් පාලමේ කොටසක් කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් ඒ අසල තිබු ඉන්ධන ටැංකි හතක් ගිනිගෙන තිබේ.
ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරයෙන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් යුක්රේනයේ සැලැස්මක් මත සිදු වන්නට ඇතැයි විශ්වාස කරන බවත් රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.
මෙය ආරම්භය පමණක් බවත් ක්‍රිමියා අර් ධද්වීපයේ රුසියානු බලය බිඳ වැටී ඇතැයි පවසමින් යුක්රේන පාර් ශ්වය සිදුවීමට ප්‍රතිචාර දක්වා ඇත.
බෝම්බය පිපිරීමෙන් සිවිල් යටිතල පහසුකම් විනාශ වීම පිළිබඳව යුක්රේනයෙන් ලැබුණු ප්‍රතිචාරය ත්‍රස්තවාදී ස්වභාවයක් ගන්නා බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා මහත්මිය ප්‍රකාශ කළාය.
මේ සම්බන්ධව රුසියානු බලධාරීන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රුසියානු මාධ්‍ය වාර් තා කළේය.
280 Views
Comments