රැජිණ නික්මෙනවාත් සමඟ ඔටුන්නේ මිල කල නොහැකි දියමන්තිය අප්‍රිකාව ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
20

රැජිණ නික්මෙනවාත් සමඟ ඔටුන්නේ මිල කල නොහැකි දියමන්තිය අප්‍රිකාව ඉල්ලයි

රැජිණ නික්මෙනවාත් සමඟ ඔටුන්නේ මිල කල නොහැකි දියමන්තිය අප්‍රිකාව ඉල්ලයි

දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බි්‍රතාන්‍ය රජ පවුලට දන්වා තිබේ.

 

‘“ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා” එසේත් නැතිනම් “කලිනන් 1” යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේදී දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූවකි. 

 

මෙය දකුණු අප්‍රිකාවෙන් හමුවුණු විශාලතම දියමන්තිය පමණක් නොව, වටිනාම දියමන්තියද වෙයි.

 

යටත් විජිත සමයේ යටත් විජිත පාලකයන් මෙම දියමන්තිය බි්‍රතාන්‍ය රජ පවුලට පරිත්‍යාග කර ඇත.

 

දියමන්තිය ඔටුන්නට සවි කෙරුණේ ඒ අනුවය.

 

දකුණු අප්‍රිකා දේශප්‍රේමී ක්‍රියාකාරීන් පෙන්වා දෙන ආකාරයට, රැජිනගේ අභාවයෙන් පසු තමන්ිකලිනන් 1 දියමන්තිය පමණක් නොව, දකුණු අප්‍රිකාවෙන් හමුවී පසුව බි්‍රතාන්‍ය රජ පවුලට ලබා දුන් සෙසු දියමන්තිද ආපසු අවශ්‍ය බවය. 

 

එම දියමන්ති සුදු පාලකයන් විසින් දකුණු අප්‍රිකාවෙන් කොල්ල කෑ බවට දේශප්‍රේමී ක්‍රියාකාරීහු චෝදනා නගති.

 

දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බි්‍රතාන්‍ය රජ පවුලට දන්වා තිබේ.

 

‘“ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා” එසේත් නැතිනම් “කලිනන් 1” යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේදී දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූවකි. 

 

මෙය දකුණු අප්‍රිකාවෙන් හමුවුණු විශාලතම දියමන්තිය පමණක් නොව, වටිනාම දියමන්තියද වෙයි.

 

යටත් විජිත සමයේ යටත් විජිත පාලකයන් මෙම දියමන්තිය බි්‍රතාන්‍ය රජ පවුලට පරිත්‍යාග කර ඇත.

 

දියමන්තිය ඔටුන්නට සවි කෙරුණේ ඒ අනුවය.

 

දකුණු අප්‍රිකා දේශප්‍රේමී ක්‍රියාකාරීන් පෙන්වා දෙන ආකාරයට, රැජිනගේ අභාවයෙන් පසු තමන්ිකලිනන් 1 දියමන්තිය පමණක් නොව, දකුණු අප්‍රිකාවෙන් හමුවී පසුව බි්‍රතාන්‍ය රජ පවුලට ලබා දුන් සෙසු දියමන්තිද ආපසු අවශ්‍ය බවය. 

 

එම දියමන්ති සුදු පාලකයන් විසින් දකුණු අප්‍රිකාවෙන් කොල්ල කෑ බවට දේශප්‍රේමී ක්‍රියාකාරීහු චෝදනා නගති.

views

325 Views

Comments

arrow-up