දුම්රිය ස්ථානයක තිරයේ බ්ලූ ෆිල්ම් එකක් ප්‍රචාරය වී ඇබැද්දියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

දුම්රිය ස්ථානයක තිරයේ බ්ලූ ෆිල්ම් එකක් ප්‍රචාරය වී ඇබැද්දියක්

දුම්රිය ස්ථානයක තිරයේ බ්ලූ ෆිල්ම් එකක් ප්‍රචාරය වී ඇබැද්දියක්

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පට්නා දුම්රිය ස්ථානයේ සවිකර ඇති සියලු දර්ශන තිර මත පසුගියදා රාත්‍රියේ අසැබි වීඩියෝ පටයක් ප්‍රචාරණය වී ඇති බවත්, එම වීඩියෝ පටය අඛණ්ඩව මිනිත්තු තුනක කාලයක් තිරගත වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

 

කාර්යබහුල දුම්රිය ස්ථානයක් වන පට්නා දුම්රිය ස්ථානයේ ඒ මොහොතේ වැඩිහිටියන් කාන්තාවන් සහ දරුවන් විශාල පිරිසක් ද සිට ඇති අතර, සුපුරුදු පරිදි වෙළෙඳ  දැන්වීම් වෙනුවට හදිසියේ අසැබි චිත්‍රපටයක් තිරගත වීමෙන් දුම්රිය ස්ථානයේ සිටි එම මගීන් සියලු දෙනා දැඩි අපහසුතාවයට හා විමතියට පත්ව ඇති බව සඳහන් වේ.

 

වහාම ක්‍රියාත්මක වූ මගීන් දුම්රිය පොලිසියට, දුම්රිය ආරක්ෂක බලකායට මේ බව පැමිණිලි කර තිබෙන අතර, ඒ අනුව දුම්රිය ස්ථානයේ දර්ශන තිර මත දැන්වීම් ප්‍රචාරය කිරීමේ වගකීම දරන එරට පෞද්ගලික සන්නිවේදන ආයතනයේ කොන්ත්‍රාත් ගිවිසුම් අවලංගු කිරීමටත්, එම ආයතනය අසාදු ලේඛනගත කිරීමටත් දුම්රිය අධිකාරිය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

views

216 Views

Comments

arrow-up