මවගේ ඝාතනයට පියාට එරෙහිව දියණියන් දෙදෙනෙකු නඩු දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

මවගේ ඝාතනයට පියාට එරෙහිව දියණියන් දෙදෙනෙකු නඩු දමයි

මවගේ ඝාතනයට පියාට එරෙහිව දියණියන් දෙදෙනෙකු නඩු දමයි

මවගේ ඝාතනය සම්බන්ධයෙන් පියාට එරෙහිව ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ දියණියන් දෙදෙනකු ගොනුකළ නඩුවකට අදාලව සැකකාර පියා ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට එම අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ වසර හයකට පෙර සිදුවූ මෙම ඝාතනය සිය දිවි නසා ගැනීමක් ලෙස ලබාදුන් තීන්දුව වෙනස් කරමිනුයි.

මීට අදාළව පැමිණිලි සිදුකර තිබුණත් ඉන් ප්‍රතිඵලයක් නොලැබුණු හෙයින් මෙම දියණියන් දෙදෙනා රුධිරයෙන් ලිපියක් ලියා ප්‍රාන්ත මහ ඇමතිවරයාට යැවීමෙන් පසුව අදාළ පරීක්ෂණ ආරම්භ කර ක්‍රියාත්මක වූ නඩු කටයුත්තක් හේතුවෙන් මෙම සිද්ධිය ලොවම අවධානය යොමු කළ පුවතක් බවට පත්වී තිබෙනවා.

පිරිමි දරුවකු නොමැති බව පවසමින් පියා නිරන්තරයෙන් මවට පහර දුන් බවත් ඝාතනය සිදු වූ දින තම මව පුලුස්සනු සියැසින් දුටු බවත් සැකකරුට එරෙහිව පැමිණිල්ල සිදු කළ දියණියන් දෙදෙනා ප්‍රකාශ කරද තිබුණා.

views

284 Views

Comments

arrow-up