JUL
23
ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවීමට ආසන්නයි

ලබන නොවැම්බර් 15 වන දා වන විට ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවා යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
2030 වසර වන විට එය බිලියන 8.5ක් වනු ඇති බවට එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
උපතේ දී ආයු අපේක්ෂාව ඉහළ යාම සහ මරණ අනුපාතය අඩු වීම මෙයට හේතුවක් වන බව එහි වැඩිදුරටත් දැක්වේ.
මරණ අනුපාතය ඉදිරියේදී තවදුරටත් අඩු වෙමින් 2050 වන විට සාමාන්‍ය ආයු කාලය වසර 77 දක්වා ඉහළ යනු ඇතැයි එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.
243 Views
Comments