වඳුරු උණ වැළඳුණු දරුවෙක් ඇමරිකාවෙන්

වඳුරු උණ හෙවත් මන්කි පොක්ස් රෝගය වැළඳුණු දරුවකු ඇමරිකාවෙන් සොයා ගෙන තිබෙනවා.
කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි මෙම දරුවාට දින කිහිපයක සිට උණ වැළඳීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි ඔහු ආසාදිතයකු බව හඳුනාගෙන තිබෙන්නේ.
මෙම දරුවා මේ වන විට නිවසේ ප්‍රතිකාර ගනිමින් සිටින අතර යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඇමරිකාවේ මීට පෙරදී වෛරසය ආසාදනය වූ වැඩිහිටියන් හඳුනාගෙන තිබු නමුත් කුඩා දරුවෙකුට ආසාදනය වූ ප්‍රථම වතාව මෙයයි.
මෙම වසරේ රටවල් 60 ක මෙම රෝගය ව්‍යාප්ත වී ඇති අතර ඉන් හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 14,000කට ආසන්නයි.
270 Views
Comments