විදුලි වාහන වලට ඇමරිකාවේ විශාල ඉල්ලුමක්

නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව 2023 වසරේ පළමු මාස තුන තුළ එක්සත් ජනපදයේ පාවිච්චි කරන ලද ඉලෙක්ට්‍රික් වාහන වල අලෙවිය 32% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එක්සත් ජනපදයේ පාවිච්චි කරන ලද ඉලෙක්ට්‍රික් වාහන වල මිල සැලකිය යුතු ලෙස පහළ බැසීම මෙයට හේතු වී ඇති බව Cox Automotiv නැමති සමීක්ෂණ ආයතනය පෙන්වා දී ඇත.
මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලොව ප්‍රමුඛ පෙළේ මොටර් රථ නිෂ්පාදන සමාගමක් වන Tesla සමාගම විසින් ඔවුන්ගේ නව වාහන මිල ගණන් පහළ හෙළීමයි.
ඒ අනුව එක්සත් ජනපදයේ රථ වාහන ලැයිස්තුගත කිරීම් අනුව මේ වන විට භාවිතා කරන ලද ඉලෙක්ට්‍රික් වාහනයක සාමාන්‍ය මිල ඩොලර් 43,400 ක් පමණ වේ.
Tesla සමාගම විසින් පසුගිය බ්‍රහස්පතින්දා දින එක්සත් ජනපදයේ ඉලෙක්ට්‍රික් රථ වල මිල ගණන් 2% සිට 6% ක් දක්වා පහළ දමා ඇති අතර එය මෙම වසරේ මිල පහළ දැමු පස්වන අවස්ථාවය.
186 Views
Comments