SEP
23
ඉම්රාන් ඛාන් සමාව ඉල්ලීමට සූදානමක්

විනිසුරුවරියකට එරෙහිව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සමාව අයැදීමට සූදානම් වන බව වාර්තා වනවා.
" උසාවියට අවශ්‍ය නම් මම විනිසුරුවරිය වෙත ගොස් ඇගෙන් සමාව ඉල්ලමි. අධිකරණයේ හෝ අධිකරණයේ කටයුතුවලට හානියක් වන කිසිවක් මම කිසිවිටෙක නොකියමි. " යනුවෙන් ඔහු නඩු විභාගයකදී ඉස්ලාමාබාද් මහාධිකරණය හමුවේ පවසා තිබෙනවා.
ඉම්රාන් ඛාන් අගෝස්තු විසි වෙනිදා ඉස්ලාමාබාද් අගනුවර පැවති මහජන රැළියක කළ කතාවකින් පසුව උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.
229 Views
Comments