පාලම විවෘත කළ සැණින් කඩා වැටී නගරාධිපති ඇතුලු 20ක් රෝහලට (VIDEO)

මෙක්සිකෝවේ අලුතින් ඉදිවුණු එල්ලෙන පාලමක්, විවෘත කළ සැණින් කඩා වැටී එය විවෘත කළ නගරාධිපතිවරයා ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
අස්ථි බිඳීමට ලක් වී තුවාල ලැබූවන්ගෙන් කීපදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පාලම ඉදිකර ඇත්තේ ලෑලි සහ යකඩ දම්වැල්වලිනි. එය කුඩා දිය පාරක් සහිත ප්‍රපාතයකට ඉහළින් ඉදිකර තිබුණි.
පාලම විවෘත කිරීමට කුවෙර්නාවාකා නගරාධිපති, ඔහුගේ බිරිඳ, නගරසභා බලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් පැමිණ සිට තිබේ.
පාලම දම්වැල්වලින් ගැලවී ගියේ නගරාධිපතිවරයා එය විවෘත කිරීමෙන් පසු පිරිස පාලම හරහා ගමන් කරමින් සිටියදීය.
නගරාධිපතිවරයා මෙන්ම බිරිඳද තුවාල ලැබූ බව වාර්තාවෙයි.
අනෙක් පිරිස අඩි 10ක් පහළට වැටුණි. පාලම කඩා වැටෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත්ව ඇත.
710 Views
Comments