බංග්ලාදේශයේ සිදුවූ පිපිරීමකින් 16 දෙනෙක් මරුට

බංග්ලාදේශයේ කන්ටේනර් ගබඩා සංකීර්ණයක සිදුවුණු පිපිරීමකින් 16 දෙනෙක් මියගියහ.
තුවාල ලබා රෝහල්ගත කළ ගණන 450 කට වැඩිය.
පිපිරීම සිදුවූයේ බංග්ලාදේශයේ ගිණිකොණ දෙසින් පිහිටි සීතාකුණ්ඩා නගරයේ කන්ටේනර් ගබඩා සංකීර්ණයකය.
පළමුවෙන් ගබඩා සංකීර්ණයේ ගින්නක් හටගත් බව පැවැසෙයි. ගින්න නිවා දැමීමට ගිනි නිවන කණ්ඩායම් කීපයක් කැඳවන ලදී.
ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට වෙහෙසෙද්දී ප්‍රබල පිපිරීම සිදුවිය. පිපිරීම සිදුවන්න ඇත්තේ කන්ටේනර් පෙට්ටිවල අසුරා තිබූ රසායනික ද්‍රව්‍ය නිසා යැයි පැවැසෙයි.
ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය වී නැත. ඒ, සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙයි.
සීතාකුණ්ඩා නගරය පිහිටා ඇත්තේ බංග්ලාදේශයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන චිතගොංග් නගරයට කිලෝ මීටර් 40 ක් දුරිනි. බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලැබූ සියලු දෙනා චිතගොංග් නගරයේ රෝහල් වෙත රැගෙන ගිය බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
ගබඩා සංකීර්ණයේ පිපිරීම අති ප්‍රබල එකක් වූ අතර කිලෝ මීටර් 4 ක් දුරට ඇති නිවාස සහ ගොඩනැගිලිවලට ද එයින් හානි සිදුවුණු බව බංග්ලාදේශ පුවත් සේවා වාර්තා කරයි.
651 Views
Comments