ශීතකරණයේ තිබී හමු වූ කවුරුත් නොහිතන දේ

මියගිය සිය බිරිඳගේ සිරුර දින කිහිපයක් පුරා ශීතකරණයේ සඟවා තබා ගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඇයගේ අවසන් කටයුතු සඳහා මුම්බායි සිට පුතා පැමිණෙන තෙක් මෙසේ මළ සිරුර සඟවා තබා ගත් බවයි පොලිසිය හමුවේ අදාළ සැකකරුවා පානෙච්චාරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම කාන්තාව පසුගිය සිකුරාදා දිනයේ මියගොස් ඇති බවත් මේ දක්වා සැකකරු ඇයගේ දේහය සඟවා තබා ගෙන ඇති බවත් ය.
මිය ගිය කාන්තාවගේ සහෝදරයා චෝදනා කරන්නේ නම සහෝදරිය සැකකරු විසින් ඝාතනය කර අති බවයි. බිරිඳ සෙංගමාලය වැළඳීමෙන් ජිවිතක්ෂයට පත් වූ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
411 Views
Comments