සුපිරි නළු සල්මන් ඛාන්ට දිවි අහිමි වෙයි ද?

සුප්‍රසිද්ධ බොලිවුඞ් නළු සල්මන් ඛාන් ජීවත් වන්නේ මුම්බායි හි බන්ද්‍රා ප්‍රදේශයේය.
පසුගිය මාර්තු මාසයේ දී ලෝරන්ස් බිල්ස්ටෝයි සහ ගෝල්ඩි බ්‍රාර් විසින් ඔහුට මරණීය තර්ජනය එල්ල කරමින් විද්‍යුත් තැපෑලක් යවා තිබෙනවා.
ඉන් අනතුරුව මුම්බායි පොලිසිය විසින් ලෝරන්ස් බිල්ස්ටෝයි සහ ගෝල්ඩි බ්‍රාර්ට එරෙහිව නඩුවක් ගොනු කර විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගෝල්ඩී බ්‍රාර් නැමැති පුද්ගලයා කැනඩාවේ ජීවත් වන බවට විශ්වාස කෙරෙන අතර මහජන ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගෝල්ඩි බ්‍රාර් විසින් සම්මුඛ සාකච්ඡාවකදී “අපි සල්මන් ඛාන්ව මරනවා. අපි අනිවාර්යයෙන්ම මරනවා ලෝරන්ස් කලිනුත් කිව්වා වගේම අපි එයාට සමාව දෙන්නෙ නෑ. අපේ ඉලක්කය සල්මන් ඛාන්. ඒ ගැන කිසිම සැකයක් නැහැ" යනුවෙන් පවසා ඇති බවයි.
292 Views
Comments