JUN
21
ජෝ බයිඩන් ගෙන් චීන ජනපතිට දැඩි චෝදනාවක්

කැලිෆෝනියාවේ පැවති මුදල් රැස් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් චීන ජනාධිපතිවරයා ඒකාධිපතියෙක් බව ප්‍රකාශ කර තිබේ.
ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර සාකච්ඡා පවත්වා දිනකට පසු වීම විශේෂත්වයකි.
ලෝක බලවතුන් දෙදෙනා අතර මතුවී ඇති ගැටලු නිරාකරණය සඳහා එම හමුව පැවැත්වූ අතර තවදුරටත් සාකච්ඡා කිරීමට ඔවුන් දෙදෙනා එකඟ වී තිබුණි.
බයිඩන් ගේ චෝදනාවට චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.
147 Views
Comments