යුරෝපයේ දරුණුතම සංක්‍රමණික යාත්‍රා අනතුර

ග්‍රීසියට අයත් මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක් වු ධීවර යාත්‍රාවේ සංක්‍රමණිකයින් 750ක පමණ පිරිසක් සිට ඇති අතර ඉන් සිය දෙනෙකු පමණ කුඩා ළමුන් බව වාර්තා වේ.
යුරෝපයේ සිදුවූ දරුණුතම සංක්‍රමණික යාත්‍රා අනතුර ලෙස සැලකිය හැකි මෙම අනතුරින් පුද්ගලයින් 78 දෙනෙකු පමණ මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී ඇත.
යාත්‍රාවේ සිටි පුද්ගලයින් 104 දෙනෙකු ග්‍රීක බලධාරීන් විසින් මුදාගෙන ඇත.
නීති විරෝධීව පුද්ගලයින් සංක්‍රමණය කිරීමේ මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 9දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරය ඊජිප්තු ජාතිකයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
221 Views
Comments