JUN
21
කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මරුට

හොන්ඩුරාස් රාජ්‍යයේ කාන්තා බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 41දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රතිවාදී කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් මීට හේතු වී තිබේ.
ගැටුම අතරතුරදී ගින්නක්ද හටගෙන ඇති අතර වෙඩි තැබීම් කිහිපයක්ද වාර්තා වී ඇත.
මියගිය පිරිස අතර සිටින බන්ධානාගාර නිලධාරීන් පිරිසක්ද සිටින බව සඳහන් වේ.
මේ හේතුවෙන් එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරිය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
207 Views
Comments