ව්‍යාජ රඟපෑමට සමාව ඉල්ලමින් සියදිවි හානි කරගත් කොරියානු ගායකයා

සුප්‍රසිද්ධ කොරියානු පොප් ගායක Choi Sung Bong සියදිවි හානිකරගෙන තිබෙනවා. ඔහු සිය නිවසේදී සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මොහු පසුගියදා තමන්ට පිළිකාවක් වැළඳී ඇති බව පවසමින් පුද්ගලයන්ගෙන් මුදල් එකතු කර ඇති බව අනාවරණය විය. මේ සම්බන්ධයෙන් සියදිවි හානිකරගැනීමට පෙර Choi Sung Bong සමාව ඇයද සිටින බවට වූ සටහනක් Youtube වෙත එක්කර තිබූ බව සඳහන්.
එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ලැබුණු පරිත්‍යාග ද ආපසු ලබාදෙන බවයි. 2011 වසරේ කොරියාවේ Korea’s Got Talent ගායන තරගය හරහා ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගනිමින් ඔහු සංගීත ක්ෂේත්‍රයට පිවිසියේය.
227 Views
Comments