රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාරයක්

රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාරයක්

නැගෙනහිර යුක්රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව යුක්රේනය පවසයි.

 

 

විදෙස් වාර්තා සඳහන් කළේ ආපනශාලාවක් සහ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

 

 

ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

 

 

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අවන්හලේ 80 දෙනෙකු පමණ සිට ඇති අතර, 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

views

196 Views

Comments

arrow-up