බ්‍රහස්පතිගෙන් කොළ එලියක්

නාසා අභ්‍යවකාශ යානයක් බ්‍රහස්පති ග්‍රහයාගේ උත්තර ධ්‍රැවය අසලින් කොළ එළියක් සොයාගෙන ඇත.
විද්‍යාඥයින් පවසන්නේ බ්‍රහස්පති ග්‍රහයා අභ්‍යන්තරයේ ඇති වූ ටොනේඩෝවකින් ඇති වුන අකුණු සැර වැදීමක් කොළ පැහැයෙන් ඡායාරූප ගත කර ඇති බවයි.
සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තම ග්‍රහලෝකය වන බ්‍රහස්පති ග්‍රහලෝකය එහි දැවැන්ත කුණාටු සඳහා ප්‍රසිද්ධය.
පෘථිවියේ මෙන් ජල වළාකුළුවලින් අකුණු ඇති නොවන අතර ඇමෝනියා සහ ජලය මිශ්‍ර වූ වළාකුළුවලින් බ්‍රහස්පතිගේ අකුණු පහර එල්ල වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවත් වෙනසක් නම් වායු යෝධයා ලෙස සැළකෙන බ්‍රහස්පති ග්‍රහලෝකයේ ධ්‍රැව අසලින් නිතර අකුණු වැදීම දක්නට ලැබෙන අතර පෘථිවියේ බොහෝ අකුණු සැර සිදුවන්නේ සමකය ආසන්නයේ බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
190 Views
Comments