ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා අවසන් ගමන් යයි

ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා වූ John Goodenough මියගොස් තිබේ. ඔහු විප්ලවීය සොයාගැනීමක් ලෙස සැලකෙන ලිතියම්-අයන් කෝෂයේ නිර්මාතෘවරයා වේ.
ජෝන් ගුඩ්නොෆ් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 100 ක් වූ අතර ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා ලෙස සැලකේ. ගුඩ්එනොෆ්ගේ මරණය ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්ව විද්‍යාලය විසින් නිවේදනය කරන ලදී.
ඔහු අපරිමිත සේවයක් කළ ප්‍රසිද්ධ විද්‍යාඥයකු බව සඳහන් විය. ලොව පුරා ඇති විද්‍යුත් වාහනවල භාවිතා වන ලිතියම්-අයන් කෝෂය ගුඩ්එනෆ්ගේ සංකල්පයට අනුව නිර්මාණය කරන ලද්දකි.
ඒ සම්බන්ධයෙන් ඔහුට 2019 වසරේ රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනමන ලදී.අවුරුදු 97 දී ඔහු නොබෙල් ත්‍යාගයක් දිනූ අතර නොබෙල් ත්‍යාගයක් දිනාගත් ලොව වයස්ගතම පුද්ගලයා බවට පත් විය.
198 Views
Comments