JUN
28
අද සිට තරුණ වන දකුණු කොරියානුවන්

දකුණු කොරියානුවන්ගේ වයස අද සිට වසරකින් හෝ වසර දෙකකින් අඩු වන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ එරට මෙතෙක් ක්‍රියාත්මක කළ සාම්ප්‍රදයික වයස ගණනය කිරීමේ ක්‍රමවේද වෙනුවට ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයට අනුගත වීම හේතුවෙනි.
දකුණු කොරියානු සම්ප්‍රදායට අනුව ඔවුන් මෙතෙක් වයස ගණනය කරනු ලබන්නේ මව්කුස පිලිසිඳගත් දින සිට හෝ ජනවාරි පළවැනිදා සිටයි.
එම ක්‍රමය හරහා ජාත්‍යන්තර කටයුතුවලදී ගැටලු රැසකට මුහුණදීම හේතුවෙන් ඔවුන් මෙම නව ක්‍රමයට අවතීර්ණ වී ඇත.
307 Views
Comments