ටයිටන් සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්වෙලා ලු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

ටයිටන් සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්වෙලා ලු

ටයිටන් සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්වෙලා ලු

අතුරුදන්වූ ටයිටන් සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.

 

ඒ අනුව එම කුඩා සබ්මැරීනය තුළ ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔවුන් පවසයි.

 

නමුත් ඔවුන්ගේ මලසිරුරු සොයා ගැනීමට ඔවුන්ට හැකි වේද යන්න තහවුරු කළ නොහැකි බවත් වැඩිදුරටත් පවසයි.

 

එසේම ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ටයිටන් සබ්මැරීනය සෙවීමේ දැවැන්ත මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවය.

 

කැනේඩියානු නෞකාවක මෙහෙයුම් කටයුතු අතරතුරදී ටයිටැනික් නෞකාව මුහුදුබත් වී ඇති ස්ථානය ආසන්නයේදී ටයිටන් කුඩා සබ්මැරීනයේ පසුපස කොටසක් සොයාගැනීමත් සමග මෙම මෙහෙයුම අවසන් කිරීමට තීරණය කර තිබේ.

views

360 Views

Comments

arrow-up