චීනයේ විරැකියාව ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

චීනයේ විරැකියාව ඉහළට

චීනයේ විරැකියාව ඉහළට

චීනයේ තරුණ ප්‍රජාව අතර විරැකියා අනුපාතය සීග්‍රයෙන් ඉහළ යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එම වාර්තාවලට අනුව ඉකුත් අප්‍රේල් මාසයේදී චීනයේ විරැකියා අනුපාතය සියයට 20.4 කි.

 

මේ වන විට චීනයේ සිසුන් මිලියන 11.6ක් විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවලින් උපාධිය ලබා ශ්‍රම බලකායට ඇතුළුවීමට සූදානම්ව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

චීනය කොවිඩ් -19 වසංගතයෙන් අනතුරුව ආර්ථිකය යථාතත්ත්වයට පත් කරගැනීම සඳහා අඛණ්ඩව අරගල කරමින් සිටින පසුබිමකදී මෙලෙස රැකියා අර්බුදයකට මුහුණ පා සිටී.

views

233 Views

Comments

arrow-up