යළි නැගෙන කොරෝනා තර්ජනයට එරෙහිව ඉන්දියාව අවි ඔසවයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

යළි නැගෙන කොරෝනා තර්ජනයට එරෙහිව ඉන්දියාව අවි ඔසවයි

යළි නැගෙන කොරෝනා තර්ජනයට එරෙහිව ඉන්දියාව අවි ඔසවයි

ඉහළ යන Covid-19 රෝගීන් සංඛ්‍යාව සමග කටයුතු කිරීම සඳහා රෝහල් වල සූදානම පරීක්ෂා කිරීමට ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පුහුණු අභ්‍යාස පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

 

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍ය Mansukh Mandaviya සහ අනෙකුත් ප්‍රාන්ත සෞඛ්‍ය ඇමතිවරුන් විසින් අධීක්ෂණය කරනු ලබන මෙම පුහුණු අභ්‍යාස සඳහා රජයේ සහ පෞද්ගලික රෝහල් දෙකම සහභාගී වේ.

 

 

ඉන්දියාවේ ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු නමුත් වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝගය තවදුරටත් පැතිරීම නැවැත්වීමට ප්‍රවේශම් වන ලෙසයි.

 

 

ඉරිදා දිනය තුළ එරට නව රෝගීන් 6,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ බව රජයේ දත්ත පෙන්වා දී ඇත.

 

 

ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත මේ වනවිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර Covid-19 ආරක්ෂක විධිවිධාන අනුගමනය කරන ලෙස පුරවැසියන්ට දැනුම් දී තිබේ.

 

 

අසල්වැසි චීනයේ නැවත කොවිඩ් -19 රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබූ හෙයින් ඉන්දියාව මෙලෙස පෙර සූදානමක් සැලසුම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

views

229 Views

Comments

arrow-up