චීනය සමග කතාබහකට සැරසෙන ජෝ බයිඩන්

පසුගියදා අඩි දෙසීයක් පමණ ඉහළ ගුවන් තලයේ පාවෙමින් තිබියදී ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන වෙඩි තබා බිම හෙලන ලද චීන බැලුනය සම්බන්ධයෙන් එරට ජනාධිපති ෂී ජින්පින් සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර සිටී.
එම බැලුනය චීනයේ ඔත්තු බලන උපකරණයක් බවට ඇමරිකාව විසින් චෝදනා නගන ලද අතර, එම චෝදනා ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප කරමින් චීනය පසුගියදා කියා සිටියේ එය හුදෙක් කාලගුණ තත්ත්වය නිරීක්ෂණය සඳහා ගුවන් ගත කරන ලද එකක් පමණක් බවයි.
කෙසේ වුවත්, බැලුනය පිළබඳ සාකච්ඡා කිරීමට තමන් සූදානම් වුවත් එම සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටීමට තමන් සූදානම් නැති බව ජනාධිපති බයිඩන් කියා සිටී.
176 Views
Comments