AUG
18
යුරෝපයේ රටවල් රැසකට නියඟයක්

යුරෝපයේ රටවල් රැසක් උග්‍ර වියලි කාලගුණයකට මුහුණ දෙමින් සිටී.
මෙය වසර 500කට පසු යුරෝපයට බලපෑ දරුණුම නියඟය බව විදෙස් වාර්තා පවසයි.
මාස 02ක පමණ කාලයක සිට යුරෝපා මහද්වීපයේ රටවල් රැසකට වර්ෂාපතනයක් වාර්තාවී නොමැත.
ඉතාලියේ දිගින් වැඩි ම පෝ ගංගාව ද පෙර කිසිදු දිනක නොවූ ආකාරයට සිඳී ගොස් ඇත.
එසේ ම එංගලන්තයේ තේම්ස් නදියේ ජල උල්පත් 1967 වර්ෂයෙන් පසු ප්‍රථම වතාවට සිඳී ඇත.
ජර්මනියේ රයින් ගංගාවේ ජල මට්ටම අඩු වීම හේතුවෙන් නැව් ගමනාගමනය අසීරු වී ඇත.
එසේ ම 1995න් පසු ස්පාඤ්ඤයේ ජලාශවල ජල මට්ටම් ද අවම මට්ටමකට පත්ව ඇත.
247 Views
Comments