SEP
18
ඉන්දියාවේ ගවයන් අතර වෛරසයක්

ඉන්දියාවේ ගවයන් අතර ලම්පි නම් වෛරසයක් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා.
මෙම ව්‍යාප්තිය හේතුවෙන් එරට දිස්ත්‍රික්ක 25 කට බලපෑම් එල්ල වී ඇති අතර මහාරාෂ්ට ප්‍රාන්තයේ පමණක් ගවයින් 126 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම චර්ම රෝගය මිනිසුන්ට සම්ප්‍රේෂණය නොවන බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
මැස්සන්, මදුරුවන්, කිනිතුල්ලන් හරහා මෙම රෝගය පැතිරීම සිදු වන අතර රෝගයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ලබාගැනීමට එක් ප්‍රදේශයකට ඉන්දීය රුපියල් කෝටිය බැගින් වෙන් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
289 Views
Comments