හූනෙක් මිනී මරයි - 06 දෙනෙක් සිටි පවුලක් හූනෙක් වැනසූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

හූනෙක් මිනී මරයි - 06 දෙනෙක් සිටි පවුලක් හූනෙක් වැනසූ හැටි

හූනෙක් මිනී මරයි - 06 දෙනෙක් සිටි පවුලක් හූනෙක් වැනසූ හැටි

සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබෙන පුවතක් වාර්තා වෙනවා.

 

මෙසේ මියගොස් ඇත්තේ නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ වාසය කරන ජෝන් සැමුවෙල් නම් පුද්ගලයකු ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් නෑදෑයින් දෙදෙනෙකු බවයි වාර්තා වෙන්නේ.

 

මෙම  නිවසෙන් උදැසන කිසිඳු ශබ්දයක් පිට නොවීම හේතුවෙන් අසල්වැසියන් දොර කඩා ඇති අතර එම අවස්ථාවේ සැමුවෙල් ඇතුළු පිරිස එක් එක් කාමරවල  මියගොස් සිටින අයුරු දැකගත හැකි වී තිබෙනවා.

 

රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මොවුන් මියගොස් ඇති බවත් මරණයට හේතුව ආහාර විෂවීමක් බවත් නයිජිරියානු පොලිසිය විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ.

 

අසල්වැසියන් නිවස පරික්ෂා කරන විට සැමුවෙල් ඇතුළු පිරිස රාත්‍රී අහාරයට ගත් සුප් භාජනයේ සිටි මැරුණු හූනෙකු සොයා ගත් බවත් මරණයට හේතුව එම හූනා බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

views

562 Views

Comments

arrow-up