ලාබාල යුවතියන් 08ක් එක් වී පිරිමියෙකු මරා දමලා?

ටොරොන්ටෝ හි 59 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නව යොවුන් වියේ ගැහැණු ළමයින් අට දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව කැනේඩියානු පොලිසිය පවසනවා.
වින්දිතයාට පිහියෙන් ඇන ඇත්තේ වයස අවුරුදු 13 සහ 16 අතර ගැහැණු ළමයින් බව තව දුරටත් සඳහන් වෙනවා. කෙසේ නමුත් මෙම පුද්ගලයාව හඳුනාගෙන නොමැති අතර ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ මොහු පදිංචිව සිට ඇත්තේ නිවාස නොමැති පුද්ගලයින්ගේ නවාතැනකයි.
ඉරිදා මධ්‍යම රාත්‍රියේදී පිහි ඇනුම් තුවාල සහිත පුද්ගලයා සොයා ගැනීමෙන් පසු අවට සිටි පිරිසක් හදිසි සේවා ක්‍රියාත්මක කළ බව ටොරොන්ටෝ පොලිස් පරීක්ෂක සැරයන් ටෙරී බ්‍රවුන් වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.
පිරිස විසින් වින්දිතයාව රෝහලට රැගෙන ගිය අතර රෝහලේදී ඔහු මිය ගිය බවයි වාර්තා වෙන්නේ.
කැනේඩියානු නීතිය යටතේ මෙම දැරියන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කර ඇති අතර ප්‍රහාරය සිදුවූ ස්ථානය ආසන්නයේදී මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
248 Views
Comments