පැමිණිමේ දුර්වලතා නිසා පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමූ යූටියුබ් තරුව

ජනප්‍රිය ගොසිප් තරුවක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන යොෂිකාසු හිගෂිටානි ජපාන පාර්ලිමේන්තුවෙන් නෙරපා ඇත.
මෙසේ නෙරපා හැරීමට හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම වන අතර පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම නිසා නෙරපන ලද පළමු නීති සම්පාදකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි.
මොහු මීට මාස 7 කට පෙර එනම් පසුගිය ජූලි මාසයේදී එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා තේරී පත්වූ අයෙක් වන අතර You Tube සමාජ මාධ්‍ය තුළ GaaSyy ලෙස ඔහු වඩාත් ජනප්‍රිය චරිතයක් බව වාර්තා වේ.
ජපාන සෙනෙට් සභාව විසින් මෙම තීරණය ගනු ලැබුවේ මෙම මන්ත්‍රීවරයා මන්ත්‍රී ධුරයට පත්වූ දා සිට මේ වන තෙක් පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම සැලකිල්ලට ගනිමින් වන අතර එරට පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීම නීති සම්පාදකයෙකු ට ලැබිය හැකි බරපතළම දඬුවම ලෙස දැක්වෙයි. 1950 සිට මෙය සිදුවී ඇත්තේ දෙවතාවක් පමණයි.
මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන බවට විශ්වාස කෙරෙන අතර ඔහු මෙතෙක් පාර්ලිමේන්තුවට නොපැමිණීමට හේතුව වී ඇත්තේ ඔහුට එරෙහිව ඇති වංචා චෝදනා සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට එරෙහිව සිදු කරන ලද ප්‍රකාශ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
180 Views
Comments