AUG
20
හෝටලයකට ප්‍රහාරයක්, පිපිරීම් දෙකකුත්

සෝමාලියාවේ මොගඩිෂු නුවර පිහිටි හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඉස්ලාම් සටන්කාමී සංවිධානයක් වන අල් ශබාම් නැමැති එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් එම හෝටලය තම පාලනයට ගෙන ඇති බව සඳහන් කරයි.
සටන්කාමීන් එම හෝටලයට ඇතුළු වී වෙඩි තැබීමක් සිදු කර ඇති අතර ඊට පෙර හෝටලය තුළ පිපිරීම් දෙකක් ද සිදු කර ඇති බව වාර්තා වේ.
එම හෝටලය රාජ්‍ය නිලධාරින් නිතර මුණගැසෙන ජනප්‍රිය ස්ථානයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් 09 දෙනෙකු මේ වනවිට රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
271 Views
Comments