සුපිරි ක්‍රිකට් තරුවගේ නිදන කාමරේට රිංගූ අය කල දේ මෙන්න

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි නවාතැන් ගෙන සිටිය හෝටල් කාමරයට පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුල්වී ඇති බව වාර්තා වෙනවා.
20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති තරඟයෙන් පසු මෙම සිදුවීම සිදුවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනවසරයෙන් ඇතුල්වූ මෙම පුද්ගලයා කෝලි නවාතැන් ගෙන සිටිය කාමරය සම්පුර්ණයෙන් වීඩියෝ කොට සමාජ මාධ්‍යට මුදාහැර තිබෙනවා.
මේ පිලිබදව විරාත් කෝලි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය සිය පෞද්ගලිකත්වයට විශාල හානියක් බවයි.
මෙම වීඩියෝව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා පිලේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සඳහන් කර ඇත්තේ මෙය සැබවින්ම හාස්‍යජනක සිදුවීමක් බවයි.
ක්‍රීඩකයෙකුගේ නිදන කාමරයට අනවසරයෙන් ඇතුල්වීමට මෙම පුද්ගලයාට අවසරය හිමිවුයේ කෙසේද ? ඊට වෙනත් කිසිවෙකු ගේ ආධාර අනුබල ලැබුණාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් හෙලිවී නොමැති බවයි වාර්තා වන්නේ.
211 Views
Comments