ඉන්දීය ජනපතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

ඉන්දීය ජනපතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද

ඉන්දීය ජනපතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද

ඉන්දීය ජනපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද ගණන් කිරීම අද(21) පෙරවරු 11ට ආරම්භ කෙරුණා.

අදාල ඡන්ද විමසීමේ කටයුතු පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුලු ස්ථාන 31කදී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුල මධ්‍යස්ථාන 30කදී පැවැත්වුණා.

මෙලෙස තෝරාපත් කර ගැනීමට නියමිත වන්නේ ඉන්දියාවේ 15 වැනි ජනපතිවරයායි.

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණය සඳහා තරඟ වදින්නේ ගෝත්‍රික සම්බවයක් ඇති දෞපදී මුර්මු වන අතර ඇයගේ ප්‍රතිවාදියා වන්නේ විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරන යෂ්වන්ත් සිංහා යි.

කෙසේවෙතත් ඉන්දියාවේ මීලඟ ජනපති ලෙස දෞපදී මුර්මු තේරී පත්වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.

views

239 Views

Comments

arrow-up