ජෝ බයිඩන් සෞදියේ සංචාරයක

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සවුදි සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
ඔහු අද(15) දින සෞදියට පැමිණීමට නියමිතව ඇති අතර එහිදී සෞදි රජු වන සල්මාන් බින් අබ්දුල් අසීස් සහ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මුණ ගැසීමට නියමිතයි.
බලශක්ති සැපයුම, මානව හිමිකම් හා ආරක්ෂක සහයෝගිතාවක් සම්බන්ධයෙන් මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරයා අවධානය යොමු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම මෙම සංචාරය 2018 වසරේදී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයෙන් පසු පලුදු වූ දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට ද ඉවහල් වනු ඇති බවයි විද්වතුන් මත පල කරන්නේ.
229 Views
Comments