ඉතාලියේ දරුණු නායයෑමක්, විශාල පිරිසක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

ඉතාලියේ දරුණු නායයෑමක්, විශාල පිරිසක් අතුරුදන්

ඉතාලියේ දරුණු නායයෑමක්, විශාල පිරිසක් අතුරුදන්

ඉතාලියේ නේපල්ස් නගරය අසල ඇති ඉචියා දූපතට බලපෑ අධික වර්ෂාවත් සමඟ සිදු වූ නායයෑමකින් විශාල පිරිසක් අතුරුදහන්ව හෝ මියගොස් ඇතැයි වාර්තා වේ.

 

ඊයේ (26) අලුයම සිදු වූ මෙම නායයෑමෙන් ගොඩනැගිලි, ගස් සහ මෝටර් රථ ගණනාවක් මුහුදට ගසා ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැය 06ක කාලයක දී එම ප්‍රදේශයට මිලිමීටර් 155කට අධික වර්ෂාවක් සමඟ නායයෑම් 2ක් වාර්තා වූ බවයි.

 

මේ වන විට එම ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඉතාලි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවාසවලට ම වී සිටින ලෙසයි.

 

views

240 Views

Comments

arrow-up