ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් පහක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් පහක් මරුට

ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් පහක් මරුට

 

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග් හි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මියගොස් තවත් 18 තුවාල ලැබූ බව කොලරාඩෝ පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත .

 

වෙඩික්කරු යැයි සැකකරෙන පුද්ගලයා මේ අවස්ථාවේ අත් අඩංගුවේ පසුවන බවත් එම පුද්ගලයා තුවාල වලට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවත් කොලරාඩෝ පොලිසියේ ලුතිනන් පැමෙලා කැස්ත්‍රෝ පවසා තිබේ.

 

නමුත් සැකකරු වෙඩි තැබීම සිදු කිරීමට හේතුව කුමක්දැයි පොලිසිය පවසා නොමැත. ගිලන් රථ 11 සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවැසේ.

views

191 Views

Comments

arrow-up