හිටපු ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට “ට්විටර්’ හි දොර ඇරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

හිටපු ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට “ට්විටර්’ හි දොර ඇරෙයි

හිටපු ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට “ට්විටර්’ හි දොර ඇරෙයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ටිව්ටර් ගිණුම සක්‍රීය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

 

ට්විටර් සමාගම විසින් මිට මාස 22කට පමණ ඉහතදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම තහනම් කරනු ලැබුවා.

 

කෙසේවෙතත් ඉලෝන් මක්ස් විසින් ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම සක්‍රීය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

 

සිය ට්විටර් ගිණුම හරහා සිදුකළ මත විමසීමකින් අනතුරුව ඉලෝන් මස්ක් විසින් අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම සක්‍රිය කර ඇති බව ද විදෙස් මාධ්‍ය පැවසුවා.

 

එහිදී බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සක්‍රීය කළ යුතු බවයි.

views

218 Views

Comments

arrow-up