NOV
20
චීනයේ කොරෝනා සීමා යළි දැඩි වෙයි

මිලියන 1.8 ක ජනතාවක් සිටින චීනයේ දකුණු අගනගරය වන ගුන්ග්ෂු හි හයිෂු දිස්ත්‍රික්කයේ සෑම අයෙකුටම සති අන්තයේ කොවිඩ් වෛරස් පරීක්ෂණ සඳහා නිවසේ රැඳී සිටින ලෙස නියෝග කර තිබේ.
තවත් ආසාදන වැඩිවීමක් වාර්තා වූ බැවින් නිරිතදිග ප්‍රධාන නගරයක පාසල් වසා දැමූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රට පුරා, ගෙවුණු පැය 24 තුළ රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් 10,351 ක් ද ඇතුළුව ආසාදනය වුවන් 11,773 ක් වාර්තා වී තිබේ.
193 Views
Comments