ඉරානය ළමා මනාලියක් සහ කාන්තාවන් දෙදෙනෙකු එල්ලා මරා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ඉරානය ළමා මනාලියක් සහ කාන්තාවන් දෙදෙනෙකු එල්ලා මරා දමයි

ඉරානය ළමා මනාලියක් සහ කාන්තාවන් දෙදෙනෙකු එල්ලා මරා දමයි

තම සැමියන් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ළමා මනාලියක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු පසුගිය බදාදා(27) දිනයේ ඉරාන බලධාරීන් විසින් එල්ලා මරා දමා ඇත.

 

ඉරාන මානව හිමිකම් සංවිධානයට අනුව පසුගිය සතියක කාලය තුළදී ඉරානයේ මරණ දඬුවම ලබා දුන් සංඛ්‍යාව 32ක් වන අතර මරණ දඬුවමට නියම කෙරෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී.

 

මෙලෙස මරණ දඬුවමට ලක්වන ඉරාන කාන්තාවන් වැඩි දෙනෙකු තම සැමියන් මරා දමා ඇත්තේ ගෘහස්ථ හිංසනයන්ට ලක්වීම නිසා වුවද ඉරානයේ ක්‍රියාත්මක උසාවි එම කාන්තාවන් මුහුණ පෑ තත්ත්වයන් සැලකිල්ලට නොගෙන ඔවුනට මරණ දඬුවම ලබාදී ඇති බව ඉරාන මානව හිමිකම් සංවිධානය කියයි. 

 

ඉරානයේ මරණ දඬුවම නියම කෙරෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව සෙසු රටවලට වඩා වැඩි බව අනාවරණය වී ඇත.

views

305 Views

Comments

arrow-up