යුද්ධයකට අත වනන ඉන්දියාව සහ පකිස්ථානය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

යුද්ධයකට අත වනන ඉන්දියාව සහ පකිස්ථානය

යුද්ධයකට අත වනන ඉන්දියාව සහ පකිස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 2023 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික තර්ජන වාර්තාවට අනුව ඉන්දියාව සහ පකිස්ථානය අතර යුධමය අවදානමක් ඇති වීමේ තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

 

ඉන්දියාවට විරුද්ධ ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා පකිස්ථානය විසින් සහය ලබාදෙන බවට චෝදනාවක් එල්ල වී ඇති අතර කාශ්මීරයේ මේ වන විට පැතිර යමින් පවතින නොසන්සුන්කාරීත්වය සහ ප්‍රචණ්ඩත්වය දෙරට අතර යුධමය වාතාවරණයක් ඇති වීමේ පෙර නිමිත්තක් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

 

නැගෙනහිර ලඩක් දේශසීමාවේ චීන හමුදා ක්‍රියාකාරකම් සිදුවන කලාපයකට පසුගියදා ඉන්දීය සෙබලුන් ඇතුල් වී ඇති බවට චීන රජය විසින් චෝදනා කරන ලදී. මෙම දේශසීමා ගැටළු 2020 වසරේ සිට ම අඩු වැඩි වශයෙන් පවතින අතර, සාකච්ඡා මාර්ගයෙන් යම් තරමක් දුරට පාලනය කර ගනිමින් පැවතුණු නමුත්, මේ වන විට ඉන්දියාව සහ පකිස්ථානය යුද්ධයකට අත වනමින් සිටින බව විදෙස් විචාරකයන්ගේ මතය වී තිබේ.

views

222 Views

Comments

arrow-up