ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙමින් ආධාරකරුවෝ යකා නටති

පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදී විදෙස් රටවලින් රජය වෙත ලැබුණු විශේෂ ත්‍යාග ඔහු විසින් නීති විරෝධී ලෙස අලෙවි කර ඇති බවට එල්ල වූ චෝදනා හමුවේ ගොනු කර තිබූ නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා පකිස්ථාන අධිකරණය නියෝග නිකුත් කළේය.
හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔහුගේ නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී, ඔහුගේ ආධාරකරුවන් ඊට විරෝධය පළ කිරීමත් සමග ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවද සඳහන්ය.
202 Views
Comments