යුක්‍රේන ඩ්‍රෝන යානාවක් රුසියාවේදී අනතුරට ලක් වෙයි

ප්‍රහාරක ඩ්‍රෝන යානාවක් රුසියාවේ මොස්කව් ප්‍රදේශයේදී අනතුරට ලක්වී තිබේ.
මොස්කව් හි යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම ඩ්‍රෝන යානාව යොමු කර ඇති බව රුසියාව පවසා සිටී. මොස්කව් නගරයට කිලෝමීටර් 100ක් පමණ දුරින් එම ඩ්‍රෝන යානාව කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරෙන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති අතර ප්‍රහාරය එල්ල කළ බවට නැගෙන චෝදන යුක්‍රේනය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙසේ කඩා වැටී ඇත්තේ යූ. ජේ. 22 නැමති යුක්‍රේනයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානාවකි.
170 Views
Comments