දියණිය බේරා ගැනීමට වල් ඌරෙකු සමග සටන් කළ කාන්තාව මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

දියණිය බේරා ගැනීමට වල් ඌරෙකු සමග සටන් කළ කාන්තාව මිය යයි

දියණිය බේරා ගැනීමට වල් ඌරෙකු සමග සටන් කළ කාන්තාව මිය යයි

ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්තයේ කෝර්බා ප්‍රදේශයේ දී ඊයේ දුවාෂියා බායි නැමැති හතළිස් පස් හැවිරිදි කාන්තාවක් සිය එකොළොස් හැවිරිදි දියණිය බේරා ගැනීම සඳහා වල් ඌරෙකු සමග සටන් කර මියගිය පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම මියගිය කාන්තාව සහ ඇගේ දියණිය පස් රැගෙන ඒම සඳහා අසල පිහිටි ගොවිපලකට ගිය අවස්ථාවේදී දැරියට වල් ඌරෙකු පහරදීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ ඇයගේ මව සත්වයා සමග පොරබදා දැරියගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කිරීමේදී මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

සිද්ධිය පිළිබඳ දැනුම් දීමෙන් පසු වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර පසුව කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ.

views

172 Views

Comments

arrow-up