ඉන්දු පැසිෆික් කලාපය ගැන ඉන්දියාව අමෙරිකාව සමග සාකච්ඡා කරයි

මේ දිනවල අමෙරිකාවේ ආරක්ෂක ලේකම් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඊයේ (05) ඉන්දියාවට පැමිණ ඇති අතර ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයාව ද එහිදී හමුවී තිබේ.
ඉන්දියාවට පැමිණීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ දෙරටේ ප්‍රධාන ආරක්ෂක හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවට පැමිණි බවය.
දෙරට එක්වී නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා හවුල් දැක්මක් ඉදිරියට ගෙන යන බවද ඔහු පවසා තිබේ.
135 Views
Comments