රුසියානු ගුවන් යානයක් කඩා වැටී තුනක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

රුසියානු ගුවන් යානයක් කඩා වැටී තුනක් මරුට

රුසියානු ගුවන් යානයක් කඩා වැටී තුනක් මරුට

රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

 

යානය රුසියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි නගරයක් වන රයිසන් නගරයට ගොඩ බැස්සවීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

 

යානය කඩා වැටෙන අවස්ථාවේ එහි 9 දෙනෙකු සිට ඇති අතර කඩා වැටීම නිසා සිදු වූ ගිනි ගැනීමෙනුයි පුද්ගලයන් තිදෙනා මියගොස් තිබෙන්නේ .

 

තුවාල ලැබූ සෙසු හයදෙනා රෝහල් ගත කර ඇති අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ පුහුණු ගුවන් ගමනක දී යානයේ එන්ජිමේ දෝෂයක් හටගෙන ඇති බවයි .

views

269 Views

Comments

arrow-up