චීන පාලනයට එරෙහිව බීජිං හි විරෝධතා

විශ්ව විද්‍යාල සහ ශැන්හායි,බීජිං නගර ඇතුළු චීනය පුරා දැඩි කොරෝනා තුරන් කිරීමේ සෞඛ්‍ය නීති හේතුවෙන් චීන ජනාධිපති ෂි ජින්පින්ට සහ කොම්යුනිස්ට් පක්ෂයට බලයෙන් ඉවත් වන ලෙස බලකරමින් චීන ජාතිකයන් සියගණනක් විරෝධය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෂින්ජියැන්ග් පළාතේ නිවාස සංකීරණයක ඇති වූ ගින්නකින් 10 දෙනෙකු මියගොස් තවත් 9 දෙනකු මියයෑමේ සිද්ධිය මෙම විරෝධතා ආරම්භ වන්නට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
චීනය කොවිඩ් රෝගීන් වාර්තා වන ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් ගිනි නිවන භටයන්ට ගින්න නිවීමට පැමිණීමට ප්‍රමාද වී ඇතැයි සමාජ මාධ්‍යවල සැරිසරන වීඩියෝ දර්ශන අඟවයි.
162 Views
Comments