MAY
08
අභ්‍යවකාශයට ගිය චීන යානයක් යළි පෘථිවියට

දින 276 ක් අභ්‍යවකාශයේ ගත කළ පර්යේෂණාත්මක චීන ගවේෂණ යානය යළි පෘථිවියට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මිනිසුන් රහිත මෙම යානය චීනයේ ජීයුක්වාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ගොඩබස්වා ඇති බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින් මෙම ගවේෂණය මගින් සිදුකළ පරීක්ෂණ හෝ වෙනත් කිසිදු තොරතුරක් මේ දක්වා ප්‍රසිද්ධ කර නොමැති බවයි.
170 Views
Comments