IBM සමාගමේ නව රැකියා සියල්ල කෘතිම බුද්ධියට

පරිගණක නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගමක් වන IBM ආයතනය නවක සේවකයන් බඳවා ගැනීම අත්හිටුවා තිබේ.
රැකියා 7,800 ක් පමණ බඳවා ගැනීම මෙලෙස නවත්වා ඇති අතර ඒ වෙනුවට AI හෙවත් කෘතීම බුද්ධිය ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉදිරි වසර වලදී දළ වශයෙන් රැකියා 7,800 ක් පමණ කෘතිම බුද්ධිය මගින් ප්‍රතිස්ථාපනය කළ හැකි බැවින් සමාගම විසින් රැකියාවන් සඳහා බඳවා ගැනීම අත්හිටුවීමට අපේක්ෂා කරන බව ඉන්ටර්නැෂනල් බිස්නස් මැෂින්ස් කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිළධාරී අරවින්ද් ක්‍රිෂ්ණා විදෙස් මාධ්‍ය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත.
285 Views
Comments